මේ වසර තුළ ‍ඩෙංගු මරණ 54ක්

December 21, 2015

බස්නාහිර පළාතේ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක වෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ  ප්‍රශීලා  සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මෙහෙයවීමෙන් කණ්ඩායම් 426 ක් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල 28 ක් හරහා මේ සඳහා යොදවා ඇති බවයි.

ලබන බදාදා දිනය දක්වා ඩෙංගු මර්දන සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

මේ වසර තුළ ඩෙංගු රෝගීන් 27,696 දෙනෙකු පිළිබඳ වාර්තා වී ඇති අතර ඉන් 54 දෙනෙකු  මියගොස් ඇත.

ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.1 පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වන බව වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p