ජනපති හෙට තායිලන්තයට යයි

October 31, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට  තායිලන්තයට පිටත්ව යාමට නියමිතව තිබේ.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතා ආරම්භ වී වසර 60ක් සපිරීම මුල්කරගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදුවන බව සඳහන්ය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව සංචාරයේ නිරත වන ජනාධිපතිවරයා නොවැම්බර් මස 4 වන දින දක්වා එරට රැඳී සිටීමට නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

සංචාරය අතර තුර දී ජනාධිපතිවරයා, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර තායිලන්තයේ ඔටුන්න හිමි කුමරිය බැහැදැකීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

එමෙන්ම තායිලන්ත – ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවකට සහ ආගමික උත්සව කිහිපයකට ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p