පොලීසියේ 1400ට ස්ථාන මාරු

June 9, 2015

පොලිස් නිලධාරීන් 1400ට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

වසර මැද ක්‍රියාත්මක වන ස්ථානමාරුවීම් මෙලෙස ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාළ පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම්  ලබාදී  තිබේ.

පොලිස් කොස්තාපල්වරුන්, සැරයන්වරුන්, සැරයන්වරියන් සහ සැරයන් රියදුරුවරුන් ස්ථානමාරුවීම් ලැබු පිරිසට අයත් වන බව සඳහන්ය.

අදාළ ස්ථාන මාරුවීම් හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p