පරිසර කළමනාකරණය ගැන සම්මන්ත්‍රණයක්

February 22, 2015

පරිසර කළමනාකරණය හා සැලසුම්කරණය පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය 23 සහ 24 දෙදින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි පැවැත්වේ.

සෑම විෂය ක්ෂේත්‍රයකටම පරිසර විෂය අදාළ වන අතර මධ්‍යම පරිසර අධිකාරය විසින් මෙය පළමු වරට සංවිධානය කරයි. මෙම සම්මන්ත්‍රණයේ ආරාධිත සම්පත් දායකයින් ලෙස දෙස් විදෙස් ආචාර්ය, මහාචාර්යවරුන් එක්වීමට නියමිතය.

මෙම දෙදින සම්මන්ත්‍රණය මගින් මෙරට පාරිසරික විෂය ක්ෂේත්‍රයේ යම් ප්‍රබෝධයක් මෙන්ම විද්‍යාර්ථීන් අතර යම් ඵලදායී සන්නිවේදන කාර්යයක් සිදු කෙරෙන අතර පරිසර විෂය ක්ෂේත්‍රයන් 5ක් යටතේ සම්මන්ත්‍රණය පැවැත්වේ. පාරිසරික නවෝත්පාදන, ස්වභාවික සම්පත් කළමනාකරණය, පාරිසරික කළමනාකරණය සඳහා භූගෝලීය තොරතුරු තාක්ෂණික ක්‍රමවේදය, පරිසර අධ්‍යාපනය හා දැනුවත් කිරීම යනාදීය මෙයට ඇතුලත්වේ.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p