මහින්ද රත්තරන් පාටයි – රනිල් වික‍්‍රමසිංහ සුදු පාටයි එතකොට අපි ?

December 17, 2014

කියන්නට ප‍්‍රතිපත්තියක් නැතිව බංකොළොත් වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නායකයන්ගේ දේහ ලක්ෂණ ගැන පවසා ඡන්ද ගරා ගන්නා තත්වයකට ඇඳ වැටී ඇතැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි.

දක්්ෂිණාෂික පක්ෂවල නායකයන්ගේ ශරීරය පිං පාට වීමට මිලියන ගණනාවක් ජනතාව වන්දි ගෙනා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි. දුමින්ද නාගමුව  මේ අදහස් පල කලේ  15* කළුතර, බණ්ඩාරගම පැවැති ජන හමුවකදීය.

එහිදී දුමින්ද නාගමුව  වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘‘අඩ සියවසකටත් වඩා තට්ටුමාරු ක‍්‍රමයට රට පාලනය කල ධනපති දේශපාලන පක්ෂ දෙකට දැන් ජනතාව ඉදිරියට ඇවිත් කියන්නවත් දෙයක් නැති වෙලා. පානදුර රැලියේදී කුමාර වෙල්ගම කියනවා ජනාධිපතිවරයාගේ ඇග රත්තරන් පාටලූ. ඒක පිනලූ. වෙල්ගම හිතාගෙන ඉන්නේ නායකත්වයේ ලක්ෂණ තියෙන්නේ හමේ කියලා. ඒ හරීන් ප‍්‍රනාන්දු කියනවා රනිල් වික‍්‍රමසිංහ සුදු වෙලාලූ, ලස්සන වෙලාලූ. එහෙම වෙන්නේ අගමැති වෙන්න කිට්ටු හින්දලූ. මේ ධනපති නායකයෝ ජයට වැඩිලා ඉන්නේ උසට මහතට ඉන්නේ ඒ අයට ළමා කාලයේදී පෝෂණය ලැබුණු නිසා මිස පිනට නෙවෙයි. ඒකෙන් නායකත්ව සුදුසුකම් ඔප්පු කරනන්න බැහැ. දැන් රටේ බහුතරයටකට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. රටේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 1/3 ට නීරක්තිය ගැබිණි මව්වරුන්ගෙන් 1/3 ට නීරතක්තිය. මේ නායකයෝ ඇඟ හදා ගනිද්දි 2006 ඉදලා 2010 වෙද්දි අපේ රටේ ජනතාව දිනපතා පරිභෝජනය කරන කැරලි ප‍්‍රමාණය කිලෝ කැලරි 2118 සිට 2094 ට පහත වැටී තියෙනවා. රටේ ජනතාව කෙට්ටු වෙද්දි, ඇග දිරා යද්දි අවපැහැ වෙද්දි නායකයන්ගේ පිං පාට එනවනම් ඒකම තමයි ඒ නායකත්වයේ තියෙන ප‍්‍රශ්නය.
මේ දෙගොල්ලොම ඡන්ද ගොඩ වැඩි කර ගන්න හදන්නනේ මේ වගේ අමන කතා කියලා. තමන්ගේ තියෙන පසුගාමිත්මයන්, මිත්‍යා විශ්වාසයන් පාවිච්චි කරලා. සමාජයට කියන්න කිසිම අලූත් දෙයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනවත් ආර්ථිකය ගැනවත් කියන්න දෙයක් නැහැ, ඒ හින්දා හමේ පාටයි, මස් පිඩුයි ගැන කියනවා. පිං පාට, මිත්‍යා කතා කියනවා. ප‍්‍රතිපත්ති ගැන කියන්න දෙයක් නැහැ. මේ පක්ෂ දෙකේ ප‍්‍රතිපත්ති අතර මොනහරි වෙනසක් තිබුණේ 70 දශකයට කලින්. දැන් ප‍්‍රතිපත්ති වෙනසක් නැහැ. දෙකම එකම නව ලිබරල් ප‍්‍රතිපත්තිය. ඒ නිසා වෙනස්කම් පෙන්වන්න හදන්නේ හමේ පාටෙන්, උසෙන්, මහතෙන්. ජනතාවගේ ජීවිත වලට කරන සාධනීයවෙනසත් ගැන කියන්න දෙයක් නැහැ. ඒ නිසා පින ගැන නන් දොඩවනවා. මේ පක්ෂ තමන්ගේ බල ව්‍යාපෘති වලට පාවිච්චි කරන්නේ තමන්ගේම තියෙන දුර්වලකම්, පසුගාමීකම්, මිත්‍යාවන්. ඒකට ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p