යුද හමුදාපති හා රිෂාඩ් බදියුදීන් හෙට පාර්ලිමේන්තු කමිටුව හමුවට

June 25, 2019

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා හෙට (26) පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට සහ රිෂාද් බදියුදීන් මන්ත්‍රිවරයාට දැනුම්දී ඇති බව විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පස්වරු 02.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

හෙට සිදු කෙරෙන සාක්ෂි විමසීම් කටයුතු සුපුරුදු පරිදි මාධ්‍ය වෙත විවෘතව පවතින බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

මේ අතර හෙට දිනයේදී කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමන්‍යාධිකාරීවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතවේ.

t

o

p