මේ රජය සමෘද්ධිය දෙන්න බලන එකම සුදුසුකම දුප්පත්කම පමණයි

June 25, 2019

සමෘද්ධිය දෙන්න එකම සුදුසුකම ජන වර්ගය දේශපාලන පක්ෂය ආගම නොව අඩු ආදායම්ලාභියෙක් වීම පමණයි. රජයේ නිලධාරීන් ලෙස තමන්ට ඕනම දේශපාලනයක් කරන්න පුළුවන්.ඒත් රාජකාරියත් එක්ක දේශපාලනය කරන්න බැහැ යයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ පවුල් 1700 ක් සදහා සමෘද්ධි සහනාධාර හිමිකම් පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

මොන පක්ෂය නියෝජනය කළත් සුදුසු අයට සහනාධාර ලබා දෙනවා .සහනාධාර දෙන්නේ රජයේ මුදල්වලින්. ඒ හැම එකකම අයිති අපි ඔක්කොටම තිබෙනවා. ඒ තුළින් ඔබ සවිමත් වෙන්න ඕන.ඔබ එදා වරප්‍රසාද අහිමි ව ඉන්න ඇති.එදා ජනසවිය ගත්ත අය වසර දෙකක් තුළ සවිබල ගැන්වුනා.ඒත් 1994 න් පස්සේ මේක දේශපාලනීකරණය වුණා .එක කොටසකට විතරක් සමෘද්ධිය හිමි වුණා.එදා බැලුවේ දේශපාලනය විතරයි .එහෙම නෙවෙයි සමෘද්ධිය දෙන්න එකම සුදුසුකම තමන් නියෝජනය කරන ජන වර්ගය දේශපාලන පක්ෂය එහෙමත් නැත්නම් එකම සුදුසුකම තමන්ගේ ආගම නොවිය යුතුයි .සමෘද්ධිය ලැබිමට එකම සුදුසුකම විය යුත්තේ අඩු ආදායම්ලාභියෙක් වීම පමණයි.  පසුගිය අවුරුදු 20 තුළ සවිබල ගැන්වීම පිළිබදව අපිට කියන්න දෙයක් නැහැ.මේ රජයේ මුදල්.මේ සහනාධාරය තුළින් ඔබ සවිමත් වන්න ඕන. අපි දන්වා පසුගිය කාළය තුළදී ඇතැම් රජයේ නිලධාරීන් සමහර විදෙස්ගත ශ්‍රමිකයින් හැටියට ඉන්න අය තවත් විවිධ ව්‍යාපාර කරන ඉඩම් හිමියන් මේ ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

අපි අද ඒකෙන් වෙනස් වෙලා උපරිම වශයෙන් අඩු තරමේ මොන පක්ෂය නියෝජනය කළත් සුදුසු අයට මේ සහනාධාරය දෙන්න කටයුතු කරනවා .විශේෂයෙන් මේ සහනාධාර ක්‍රම අපි වගේ දුප්පත් රටවල පමණක් නෙවේ කැනඩාව ඕස්ට්‍රේලියාව එංගලන්තය එහෙමත් නැත්නම් වෙනත් දියුණු රටවල ක්‍රියාත්මක කෙරෙනවා.

සමහර රටවල තරුණ තරුනියන්ට රැකියාවක් ලැබෙනකම් රජයෙන් ආධාර මුදලක් ලබා දෙනවා.වැඩිහිටි අයට සහනාදාර ලබාදීලා නඩත්තු කරනවා.මේ සහනාධාරය කියන එක අර්ථවත් වෙන්න ඕන. ලැබෙන්න ඕන කෙනාට තමයි සහනාධාර ලබා දෙන්න ඕන.

සමහර අය අහනවුලු අපි මොනවද කළේ කියලා .ඒ අයට එන්න කියන්න අපි කරපු වැඩ පෙන්වන්නම්.1995 ඉදලා 2015 දක්වා කළාට වඩා වැඩි වැඩ කොටසක් අපි කළා.අපි කර ගෙන යනවා.කල්තොට රෝහල මුලික රෝහලක් බවට උසස් කරනවා.කෝටියක් වටිනා ගිලන් රථයක් ඒ රෝහලට පරිත්‍යාග කරනවා .ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ විසිපන් දහසකට පමණ සමෘද්ධිය ලබා දෙනවා.ඒ යටතේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ තුන් දහස් පන්සීයකට වඩා සමෘද්ධිය දෙනවා.අපි කරන දේවල් තුළ රාජ්‍ය නිලධාරීන් දේශපාලනිකව මෙහෙය වන්නේ නැහැ.එදා බෝම්බ පිපිරුණ වෙලාවේ අගමැතිතුමා එහි වගකීම භාර ගත්තා.ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයට අහිංසක මුස්ලිම් ජනතාව පළි නැහැ.ඒ පිළිබදව අවශ්‍ය පරීක්ෂණ සිදු කරනවා.

තමුන්නාන්සේලාට මතක ඇති එදා 2015 ජනවාරී 08 ට කලින් තිබුණේ මහ මග මරා දාන යුගයක්.එදා සැනසිල්ලලේ දේශපාලනය කරන්න දුන්නේ නැහැ.අද ඔබට කැමති දේශපාලනයක් කරන්න පුළුවන් .රාජ්‍ය නිලධාරීන් දේශපාලනයට යොදා ගත්තා .රජයේ නිලධාරීන් ලෙස තමන්ට ඕනම දේශපාලනයක් කරන්න පුළුවන්.ඒත් රාජකාරියත් එක්ක දේශපාලනය කරන්න බැහැ.එදා කුමන්ත්‍රණයක් කළා .සමහර අයගේ බලයට එන්න තියෙන කෑදරකම නිසාම දිරච්ච ලනු කාළා මේ රට මාස හයක් ආපස්සට ගෙනිච්චා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවමස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ,බලංගොඩ නගරාධිපති චමික වැවේගෙදර, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් සමන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය .

 

t

o

p