තවුහිද් ජමාද් සැක ගිණුම් 41 ක කෝටි 14 ක් තහනම්

May 24, 2019

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ  අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත්  බැංකු ගිණුම් 41 ක්  දැනට  තහනම් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 

මෙම බැංකු ගිණුම්වල රුපියල් කෝටි  14 1/2  මුදලක් තිබී ඇති බව අනාවරණය කරගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම ගිණුම්වලට අමතරව සැකකරුවන්  සතුව තිබූ රුපියල් මිලියන 14 ක පමණ මුදලක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති අතර ඒවා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  බාරයට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම  මුදලට අමතරව  මෙම සැකකරුවන් සතුව ඇති රුපියල් බිලියන 7 ක වෙනත් වත්කම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටක් පැවසීය.

t

o

p