මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඩි එන් ඒ මගින් හදුනා ගනී

May 22, 2019

පාස්කු ප්‍රහාර මාලාවේදි බෝම්බ එල්ල කළ මරාගෙන මැරෙන පුද්ගලයින් අට දෙනාගේම ඩි.එන්.ඒ.වාර්තා ඔවුන්ගේ ඥාතින් හා සැසදෙන බවට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) සවස නිල වශයෙන් මේ බව පොලිස් මුලස්ථානය වෙත දන්වා ඇති බවද ඔහු සඳහන් කලේය.
මෙම පිපිරුම් මාලාවේ ප්‍රධාන පුද්ගලයා වන සහරාන් හෂිම් යන අයගේ ජිව නියැදි ඔහුගේ බිරිඳගේත් දරුවාගෙත් ජිව නියැදි හා ගැලපි තිබේ.එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයේදි බෝම්බය පුපුරවා ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මිය ගිය මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාප් අහමඩ් යන අයගේත් ජිව නියැදි ඔහුගේ පියා වන මොහමඩ් ඊබ්‍රහිම් යන අයගේ ජිව නියැදි හා ගැලපි තිබේ.
කටුවාපිටිය දේවස්ථානයේදි බෝම්බය පුපුරවාගත් අච්චි මොහොමදුගේ ජිව නියැදි ඔහුගේ දෙමාපියන් හා ගැලපි ඇත.කොටහේන- කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බය පුපුරවාගත් අලව්ඩීන් අහමඩ් මුවාත් යන අයගේ ජිව නියැදි ඔහුගේ දෙමාපියන් හා ගැලපි තිබේ.දෙහිවල ටේ‍රාපිකල් ඉන් හෝටලයේදි බෝම්බය පුපුරවා ගත් අබ්දුල් ලතිප් ජමිල් මොහොමඩ්ගේ ජිව නියැදි ඔහුගේ බිරිද හා දරුවා සමග සැසදෙන අතර මඩකලපුව සියෝන් දේවස්ථානයේදි බෝම්බය පුපුරවා ගත් මොහොමඩ් නසාර් මොහොමඩ් අසාර්ගේ ජිව නියැදි ඔහුගේ මව හා ගැලපි තිබේ.
එමෙන්ම කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරවා ගත් මොහාමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ ජිව නියැදි ඔහුගේ බිරිඳ හා දරුවා සමග සැසදි තිබේ.
මේ අතර දෙමටගොඩ –මහවිල උද්‍යානයේ නිවසක් තුලදි බෝම්බයක් පුපුරවාගත් පාතිමා ජිප්රි යන අය ඉල්හාම්ගේ බිරිඳ බවත් ඇය හා මිය ගිය දරු තිදෙනා ඔවුන්ගේ දරුවන් බවත් මෙහිදි තහවුරු වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

t

o

p