රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි

May 16, 2019

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද(16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 64 කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බව කතානායක මධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර අදාළ යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබයි.

t

o

p