අර්ජුන අැලෝසියස්ගේ පියා හා හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට

March 25, 2019

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති හා පර්පෙචුවෙල් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු ඔවුන්ගේ නිවෙස් වලදිම අද (25) අලුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජේෆ්රි ඇලෝසියස් මහතා අර්ජුන ඇලෝසියස්ගේ පියාවේ. මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළව කරන පරික්ෂණ සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අත් අඩංගුවට පත්ව සිටියි.

මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි,පර්පචුවල් ට්‍රෙසරිස් ලිමිටඩ් හි අධ්‍යක්ෂකවරුන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුතුරාජ සුරේන්ද්‍රන් යන සිව්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපති උපදෙස් මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p