ඉන්ධන මිල ඉහලට

March 13, 2019

ඉන්ධන මිල ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට  ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කර තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඩිසල් ලීටරයක මිල රුපියලකින්ද ඉහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ.

සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 104 ක් දක්වාත්, සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 ක් වන පරිදිත් මිල ඉහළ දමා ඇත.

t

o

p