ඉන්දු පකිස්ථාන් ගැටුම් තව දුරටත් පුද්ගලයින් 7 ක් මරුට

March 4, 2019

කාෂ්මීර ප්‍රදේශයේ ඉන්දු පාකිස්ථාන ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

පාකිස්ථාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ මෙම ගැටුම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

කාෂ්මීර ප්‍රාන්තයේ ඉන්දීය පාලන ප්‍රදේශයට පාකිස්ථාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මියගොස් තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මීට අමතරව දෙරටේ හමුදා අතර හුවමාරු වු ප්‍රහාරවල දී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු ද මියගොස් ඇත.

t

o

p