මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ඉරිදා

January 4, 2019

අලුතෙන් ඉදිකළ මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ ය. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිතය.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. ඒ කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ. මෙම දුම්රිය මාර්ගයේ මගීන්ට මාරුවීමට ‘මගී ගුවන් පාලම්’ වෙනුවට ‘මගී උමං මාර්ග ‘ඉදි කර තිබීම විශේෂත්වයකි.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය වැටී ඇත්තේ නිල්වලා ගඟ හරහා වන අතර  සමස්ත දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 18ක්ද, පාලම් 12ක්ද, බෝක්කු 49ක්ද, උඩබිම් මාර්ග 23ක්ද, යටබිම් මාර්ග 16ක් හා උඩ බිම් මාර්ග 08ක් ඉදි කර ඇත.

t

o

p