අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට ශාසනමාමක ජනප්‍රසාදිනී සම්මානය

October 22, 2018

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආගමික හා සමාජයීය වශයෙන් සිදුකරන මෙහෙවර අගයමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වය ශාසනමාමක ජනප්‍රසාදනී ගෞරව සම්මානය ඒ මහතා වෙත පිළිගන්වා තිබේ.
එම සම්මානය පිළිගැන්වීමේ උත්සවය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාර උ‍පෝසථාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත තම සුබපැතුම් පිළිගැන්වීය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මහනුවර දිස්ත්‍රික් මැති ඇමැතිවරු රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

t

o

p