එජාප 2020 ජනපති අපේක්ෂකයා ගැන තවම තීන්දුවක් ගෙන නෑ

October 8, 2018

2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය මෙතෙක් කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධව පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් වන අතර එසේ තිබිය දී එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කරන ලද වාර්ථා තරයේ ප්‍රතිෙක්‍ෂ්ප කරන බව හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධව ඇතැම් මාධ්‍ය පළ කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිවලට පිළිතුරු දෙමින් 07 වැනි දා කුරුණෑගල දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ නලින් බණ්ඩාර මහතා තවදුරටත් මෙසේද කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පොදු අපේක්‍ෂකයා ලෙස නම් කිරීම සඳහා සාකච්ඡා සිදු කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පළ කර තිබෙන ආකාරය මා දුටුවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරනවා.
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය මෙතෙක් කිසිඳු තීන්දුවක් ගෙන නැහැ. ජනාධිපතිවරණයක් සඳහා ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනු ලබන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා ලද තීන්දු අනුවයි.
ඒ වගේම 2020 මැතිවරණය සඳහා තවත් අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය යනු අවුරුදු එකහමාරකට පෙර අපේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන පක්‍ෂයක් නොවන බව කිව යුතුයි.
2020 වන විට රටේ පවතින දේශපාලන තත්ත්වයත්, සියලූ පක්‍ෂ හා සිවිල් සංවිධානවල වගේම සුළු ජාතීන්ගේ විශ්වාසය ලබාගෙන ඒ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි පුද්ගලයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අපි නිසි වේලාවට ඉදිරිපත් කරනවා. අපේ බලාපොරොත්තුව වන්නේ 2020 දී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමයි. එක්සත් ජාතික පක්‍ෂයේ බහුතරයකගේ මතය වන්නේ එයයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව අපි කිසි විටෙක ප්‍රතිෙක්‍ෂ්ප කරන්නේ නැහැ. අපි එතුමා සමග වැඩ කටයුතු සිදු කරනවා. එතුමා ජනාධිපති ධූරයට පත් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය විශාල දායකත්වයක් ලබා දුන්නා. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ද බලාපොරොත්තු වන්නේ 2015 දී එතුමාට විරුද්ධව කටයුතු කළ බලවේග සමග එකතු නොවී ජනතා අපේක්‍ෂාවන් මුදුන්පත් කරවා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරනු ඇති බවටයි.

t

o

p