අවු. 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයත් ඉන්දියාවට

October 8, 2018

බංග්ලාදේශයේ පැවැති 5 වැනි අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.  බංග්ලාදේශයේ මීර්පුර් ශ්‍රී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දු-ශ්‍රී ලංකා අපරාජිතයන්ගේ අවසන් මහ තරගයේදී ලකුණු 144ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

මේ අනුව ඉන්දියාව අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන  දිනාගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්වූ දෙවැනි අවස්ථාව වෙයි.  ඊයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50 දී කඩුලු 3ක් දැවී ලකුණු 304ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 38.4කදී ලකුණු 160කට සීමා විය.

t

o

p