පොහොට්ටුවේ ජන බලයත්, මාධ්‍යයේ පච බලයත් දෙකම නැති වුණා – රනිල්

September 7, 2018

අවසානයේ බලන විට පොහොට්ටුවේ ජන බලයත්, මාධ්‍යයේ පච බලයත් දෙකම නැති වුණා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති 72 වෙනි සංවත්සරය අමතා එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

අප අද දින එක්සත් ජාතික පක්‍ෂයේ 72 වන සංවත්සරය සමරනවා. ෆාම් කෝට් මන්දිරයෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයයි.

පසුගියදා මට දුරකතන ඇමතුමක් ලැබුණා. ජනබලය රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන නිසා අපේ මෙම සංවත්සර උත්සවය පැවැත්විය යුතු දැයි එම දුරකතන ඇමතුම් හරහා මගෙන් විමසා සිටියා. සංවත්සර උත්සවය නතර කරන්නේ ඇයි දැයි එවිට මම ඔවුන්ගෙන් විමසුවා. පොහොට්ටුව කොළඹ වට කරලා බලය ලබාගන්නවා යැයි මාධ්‍යයෙන් පවසා තිබෙන බවත්, ශිෂ්‍යයන් සහ ජනතාව බියට පත් කරමින් සිටින බවත් ඔවුන් මට පැවසුවා.

අපි අපේ සංවත්සර රැළිය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔවුන්ගේ රැළිය අවශ්‍ය නම් පවත්වා ගනු ඇති බවත් මම එවිට පැවසුවා. නමුත් අවසානයේ බලන විට පොහොට්ටුවේ ජන බලයත්, මාධ්‍යයේ පච බලයත් දෙකම නැති වුණා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයත් අපේ සංවත්සරයත් අවසානයේ ඉතුරු වී ඇති බව මම සතුටෙන් ප්‍රකාශ කරනවා.

Ranil 72 convention LNP

t

o

p