ෂැන්ග්‍රිලා ඇතුළු තරු පහේ හෝටල්වල නායකයන් සිටිද්දි ජනබලය අසාර්ථකයි – වජිර

September 7, 2018

කොළඹගාලූමුවෙදාර ෂැන්ග්‍රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක් වෙන් කරවා ගෙන නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය උද්ඝෝෂණය අසාර්ථවිමත් සමඟ බිදිගිය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රාජපක්ෂ රජය චිනයට විකුණු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගාලූමුවෙදාර පිටිය ඉදිරිපිට ඉඩමේ ඉදිකර ඇති ෂැන්ග්‍රිලා හෝටලයට අමතරව හිල්ටන් හා ටාජ් සමුද්‍රා යන හෝටල්වල කාමර 3 බැගින් වෙන් කරවාගෙන නව ආණ්ඩුව පිහිටුවිමට සැලසුම්කර තිබුබ වද වජිර අබේවර්ධන මහතා කීවේය.
වසර 9 ක් මුළුල්ලේ හොරකම් කළ සල්ලි වියදම් කර නායකයින් තුරු හතේ හෝටල් කාමර වෙන් කරවාගෙන කරන්න සැලසුම් කළ සියළු වැඩ උද්ඝෝෂණය අසාර්ථකත්වය මත කඩා වැටුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමෙන් පනේනුම් කෙරුණේ බැසිල් රාජපක්ෂ නොමැතිව පොහොට්ටුවටත් ඒකාබද්ධ විපක්ෂයටත් ගමනක් නැති බව යැයිද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේය.

t

o

p