පිළියන්දල ප්‍රහාරයෙන් තුවාල වූවන්ගේ සුව දුක් බැලීමට ඇමති සාගල යයි

May 18, 2017

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (18) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණියේය. ඒ පසුගිය 09 වැනිදා පිළියන්දල මොරටුව පාරේදී මත්ද්‍රව්‍ය වැටලීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව, බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙන්ම එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සමාධි පතිරණ දැරිය සහ පොලිස් කොස්තාපල් චමින්ද යන අයගේ සුව දුක් බැලීම සඳහාය.

එහිදී ඔවුන්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය සහ දැනට සිදුකරනු ලබන ප්‍රතිකාර පිලිබදව සොයා බැලූ අමාත්‍යවරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ එම රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හමුවී රෝගීන් පිලිබදව වැඩිදුරටත් විමසා බැලීය.

එමෙන්ම තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාටද මෙහිදී උපදෙස් ලබාදෙනු ලැබීය.

Sagala-visit-hospital2 Sagala-visit-hospital1

t

o

p