ජනපති විශේෂ ගැසට් පත්‍රයකින් නිකුත් කළ ආඥාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

April 28, 2017

ඉවතලන කැලි කසල ඉවත් කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව අද (28) අනුමත කළේය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ගැසට් නිවේදනය සභාවට කියවා ප්‍රසිද්ධ කිරිමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා ගැසට් නිවේදනයට සභාවේ අනුමැතිය විමසිය. ඒ අනුව ඡන්ද විමසිමකින් තොරව ගැසට පත්‍රයට සභාවේ අනුමැතිය හිමිවින.
මහජන ආරක්ෂක ආ ඥා පනත යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුමැතිය ලබා ගැනිම සඳහා පාර්ලිමේන්තුව පෙරේදා රැස්විය.
වීදියෙන් ඉවතලන කැලි කසල, නිවාසවලින් ඉවතලන කැළි කසල හෝ බඳු වෙනත් â බවත් කරලීය, එක්රැස් කරලීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරිම, පිරිසැකසුම, වෙන් කිරිම, පිළියම් යෙදීම, බැහැර කිරිම සහ විකිණිම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ එබදු යම් පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් සම්බන්ධයෙන් ඉටු කරනු ලැබිය යුතු හෝ ඉටු කිරිමට අවශ්‍ය වන්නා වූ කවර වුව ආකාරයේ සියලූම සේවාවන් වැඩ හෝ ශ්‍රමය යෙදවවි යන කරුණු අරබයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනි.

t

o

p