නොරොච්චෝලේ කැඩුනට විදුලිය කපන්නේ නෑ – ඇමති සියඹලාපිටිය

April 19, 2017

නොරොච්චෝලේ බලාගාරයේ ඒක යන්ත්‍රයක් බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එමෙන්ම වැසි රහිත සමයේදී විදුලිබල නිෂ්පාදනයට වැඩි පිරිවැයක් වැය වුවද විදුලි බිල ඉහළ දැමීමටද ආණ්ඩුව සූදානම් නොමැති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් පැවසීය.

විදුලිබල අමාත්‍යංශ මගීන් නිකුත් කළ නිවේදනය තවදුරටත් මෙසේ සඳහන් වේ..

“නොරොච්චෝලේ බලාගාරයේ එක, දෙක සහ තුන වශයෙන් යන්ත්‍ර න=නක් තිඛෙනවා. මෙම අංක එක යන්ත්‍රය ආරම්භයේ සිට මේ වනවිට 37 වතාවක් බිඳවැටිලා තිඛෙනවා. අංක දෙක යන්ත්‍රය ආරම්භයේ සිට මේ වනවිට 17 වතාවක් සහ අංක තුන යන්ත්‍රය 09 වතාවක් වශයෙන් බිඳවැටීම් සිදුවෙලා තිඛෙනවා. අංක දෙක යන්ත්‍රය මේ වනවිට ක්‍රියාත්මකයි. අංක තුන යන්ත්‍රය අළුත්වැඩියා සඳහා පසුගිය දිනවල නවත්තලා තිබුණා. අද එම අළුත්වැඩියා කටයුතු  අවසන් වෙනවා. නමුත් අද වනවිට අංක එක යන්ත්‍රය බිඳවැටිලා. මේ වනවිට එම යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න කටයුතු යොදාගෙන යනවා. මේ අවස්ථාවේ නොරොච්චෝල බලාගාරය පවත්වාගෙන යාම විදුලිබල ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත්. අපේ පද්ධතියේ අඛණ්ඩ විදුලි සැපයුමට එය ඉතාමත් වැදගත් වනවා. නමුත් මේ බිඳවැටීම් මුල්කරගෙන කිසිඳු විදුලි කප්පාදුවකට යන්න අපි සූදානම් නැහැ. ඒ වගේම බිල වැඩි කරන්නෙත් නැහැ , යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය” රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නොරොච්චෝල බලාගාරයේ අංක එක යන්ත්‍රයේ සිදුවි ඇති බිඳවැටීම් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අද(18) පෙරවරුවේ නොරොච්චෝල බලාගාරයේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …
“පසුගිය මාසවල පොදුවේ ගත්කල විදුලි ඒකකයක සාමාන්‍ය නිෂ්පාදන වියදම රු. 21.00 ක්. අපි ඒකකයක් විකුණන්නේ රු. 15.75 ක්. අපි සාමාන්‍යයෙන් ඒකකයකින් රු. 4.00 කට වැඩි අලාභයක් ලබනවා. නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රු. 8.00ක්. මේ බලාගාරයෙන් අපි මෙගාවොට් 900ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. අපිට මේ ජාතික විදුලිබල පද්ධතිය සහ මූල්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න නොරොච්චෝල බලාගාරය සෑහෙන පිටුවහලක් වෙලා තියෙනවා. ඒ වගේම විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට ජනතාවගේ අවබෝධය සහ දායකතවය අවශ්‍ය වෙනවා. විදුලිබල මණ්ඩලයේ රටේ තිඛෙන සම්බන්ධතාවය, ක්‍රියාකාරීත්වය, ශරීරයේ පවතින නහර පද්ධතිය වගේ. රටේ කොතැනක දෙයක් සිදුවුණත් ඒ  සෑම දෙයක්ම අපිට යම් යම් ආකාරයෙන් බලපානවා. ඒ බලපෑම් වලට සහ අභියෝග වලට අපි මුහුණ දෙනවා, ඔරොත්තු දෙනවා “යැයි පැවසීය.

t

o

p