ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයොගීතා කමිටුව අගමැති රනිල් ප්‍රමඛ දූත පිරිස හමුවෙයි

April 12, 2017

ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස වෙනුවෙන් සංවිධානය කළ දිවා භෝජන සංග්‍රහය තෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී 12 වනදා දහවල් පැවත්විණි.

ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර සිදු කරන ප්‍රධාන පෙළේ ජපාන සමාගම් හි නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති, ජපානයේ ඉතොචු සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරන විධායක නිලධාරී ෆුමිහිකො කොබයෂි (Mr. Fumihiko Kobayashi) මහතාගේ පිළිගැනීමෙන් අනතරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිදු කිරීමේ දී, ව්‍යවසායකයන් මුහුණ දෙන දුෂ්කරතා මෙන්ම ශ්‍රී ලංකාව ප්‍රදානය කර ඇති පහසුකම් පිළිබඳව ද, ව්‍යවසායකයෝ අදහස් පළ කළහ.

Ranil-in-Japan3අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හා මලික් සමරවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරු ඒ සම්බන්ධව රජය විසින් සිදු කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත්, ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින නව ආයෝජන අවස්ථා පිලිබඳවත් කරුණු පැහැදිලි කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma), අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ ශ්‍රී ලංකා ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති දයා වෙත්තසිංහ යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වූහ.
Ranil-in-Japan4

t

o

p