රජයේ තීරණවලට කිසිවකුටත් අභියෝග කළ නොහැකියි

රට පුරා සිදුව ඇති පරිසර විනාශය හමුවේ පරිසර සංරක්ෂණය පිළිබඳ රජය ගන්නා තීන්දු තීරණවලට කිසිවකුට අභියෝග කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නීති විරෝධී ජාවාරම් සිදුකරමින් පරිසර විනාශයන් සිදුකරන්නේ නම් ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම සියලු මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් කැපවෙන සියලු දෙනා වෙනුවෙන් පරිසර Read More

සුව ඇමති බොරු කරමින් ඖෂධ මාෆියාවට ඉඩ දෙනවා

දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වන ඖෂධ මාෆියාව පාලනය කිරීමට නම් සේනක බිබිලේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ යුතු බවත්, වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ජනතාවට බොරු කරමින් ඖෂධ මාෆියාව සඳහා ඉඩ ලබාදෙමින් සිටින බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. අද (05) මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. එහිදී වෛද්‍ය Read More

රාජපක්‍ෂලා ජොලියට ණය ගත්තා.. අපි බිලියන ගණන් ණය ගත්තේ ඒවා ගෙවන්නයි…

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ ජොලියට ගත් ණය ගෙවීමට මේ ආණ්ඩුවට විශාල ණය ගැනීමක් කරන්න සිදුව ඇති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි. ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ වසරක කාලයක් තුල ඩොලර් බිලියන හයකටත් වඩා ණය මේ ආණ්ඩුව විසින් ගෙන ඇත්තේ ඒ සඳහා යයිද ඔහු කියා සිටියේය.

රුපියලට මරණාසන්නයි..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේද ඇමරිකානු ඩොලරය ඉදිරියේ දරුණු කඩා වැටීමක් පෙන්වීය. අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 144.93ක් හා විකුණුම් මිල රු. 148.91ක් ලෙස විය. අද දිනයේ පමණක් සිදුව ඇති අවප‍්‍රමණය රුපියල් 2.10කි. මෙය මෙතෙක් ඉතිහාසයේ රුපියල වාර්තා කල දරුණුම කඩා වැටීමයි.

මට හූ තිවුවේ අරක්කු, ගංජා පොවා එවූ පිරිසක්..

පසුගියදා ගාල්ල බැද්දේමදී තමන් සහභාගී වූ රැස්වීමක හූ තියා කලබල කලේ අරක්කු ගංජා බී සූර් වූ පිරිසක් යයි සන්ධාන මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අරක්කු ගංජා දී මිනිස්සු එවා රැස්වීම් කඩාකප්පල් කරන සැලැසුම් සහගත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවත් මේවා සිදු කරන්නේ කවුදැයි තමා ඉදිරියේ දී නම් පිටින් හෙළිකරන බවත්ය.

පැල්මයිරාව ආසන්නයේ ඓතිහාසික මාළිගයක් සිරියානු හමුදා අතට..

සිරියාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන පැල්මයිරා නගරයට මුහුණලා පිහිටා ඇති කඳුවැටියක පිහිටා ඇති මධ්‍යකාලීන යුගයට අයත් රජ මාලිගයක් ISIS පාලනය වෙතින් යළි අත්පත් කරගැනීමට සිරියානු හමුදාවන් සමත්ව ඇත. ෆක්ර් අල් ඩින් අල් මානි හෙවත් පැල්මයිරා මාළිගය ලෙස හැඳින්වෙන මෙය පැල්මයිරාවට ඔබ්බෙන් පිහිටා ඇති අවසන් උපායමාර්ගික මධ්‍යස්ථානය ලෙස සැලකේ. සිරියානු හමුදාව මෙතෙක් නිල වශයෙන් Read More

අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡ නොකිරීමට ඇමරිකාව, රුසියාව එකග වේ

ඇමරිකාව හා රුසියාව අතර පැවැත්වෙන සාකච්ඡවලදී සිරියානු ජනාධිපති බෂාර් අසාද්ගේ අනාගතය සම්බන්ධ ගැටළුව පිළිබඳ සාකච්ඡ නොකිරීමට දෙරට අතර අවබෝධයකට පැමිණ ඇත. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රිබාකොව් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡ කිරීම අවශ්‍ය නොවන බවට වන මූලික අදහස ඇමරිකාව හා රුසියාව දෙපාර්ශ්වය විසින් දරන බවයි. රුසියාවේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය Read More

විදුලිය කපන්නේ නෑ.. දැන් වහිනවා.

දිනකට පැය තුන බැගින් විදුලිය අත්හිටුවන්නේ පලවන වාර්තා දෝෂ සහිත යයි විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවසන්නේ කලින් එවන් තීන්දුවක් ගෙන තිබුනද බලාගාර ආශ‍්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින නිසා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. විදුලි බල මණ්ඩල සාමාන්‍යධිකාරීවරයාද පවසන්නේ විදුලිය කපා හිරීම අත්හිටවූ බවයි. මේ වන විට විදුලිය සිඳලීමේ කාලසටහන ලංවිම වෙබ් අඩවියෙන් Read More

2015 සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල නිකුත් කෙරේ..

2015 සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ එම ප‍්‍රතිඵල දැන ගත හැති යයිද දෙපාර්තමේන්තුව කියා සිටී.

ආණ්ඩුව විපක්‍ෂයට එරෙහිව මුන්නේෂ්වරමේ පොල් පූජාවක්..

විපක්‍ෂ බලවේගයන්ට විරුද්දව රජය විසින් සංවිධානය කල පොල් පූජාවක් හා දේව කන්නලවුවක් අද දිනයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේදී සිදු විය. මේ සඳහා ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝඛ් අබේසිංහ මහතාද සහභාගී විය.

t

o

p