Lanka News Page

චීනයෙන් ලංකා කුමරියන් මතු වීම බිහිසුණු දේශපාලන ඛේදවාචකයක් ?

2021 මැයි 26 වන දින චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” නම් තැනැත්තියක සහභාගී වූ බව එහි නිල ෆේස් බුක් අඩවියේ සඳහන් ව ඇත. ෂු ෂී යින් නමැත්තියක වන ඇය වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන හෙවත් “පැටිකිරිය” ඔහුට විස්තර කළ Read More

ගිරිබාවේ මාතෘ සායනයට ආ බෝදිලිමා යක්ෂයා

අප කවුරුත් දන්නා අන්දමට බෝදිලිමා යනු කටුසු විශේෂයකට අයත් සතෙකි. එහෙත්, එනමින් යුතු අමනුෂ්‍ය විශේෂයක් පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාසයක් ද අප සමාජයේ තිබේ. දරුවෙකු බිහි කිරීමට ආසන්න මොහොතේ දරුවා කුසේ සිටියදීම , විළිරුදාවෙන් මියයන මව්වරුන් මරණයෙන් පසුව බෝදිලිමුන් නම් අමනුෂ්‍යයන් ලෙස උපදින බව පැරණි ගැමියෝ කියති. ඉන්පසු ඔවුන් රාත්‍රී කාලවලදී පුරුෂ පක්ෂයට පමණක් ඇසෙන සේ Read More

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක් Read More

අටමස්ථාන අවට සැරිසැරූ හැපින්නක් කතා කරයි

සිංහල බෞද්ධ ජන සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය හා සම්බන්ධ සතුන් අතුරින් අලි ඇතුන් සහ නාගයෝ ප්‍රධාන වෙති.ඉන්දියානු හින්දු සමාජයේ වානරයන්  සමබන්ධයෙන් ද  යම් ආධ්‍යාත්මික ස්වරූපයක් ඉස්මතු වුව ද අප රටේ එවැනි තත්වයක් දක්නට නොලැබේ.නමුත් පසුගිය කාලයේ කැලණි නදිය දෙබෑ කරගෙන පැමිණි අද්භූත ස්වරූපයේ නාගයකු පිළිබඳ ප්‍රෝඩාකාරී ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කිරීම පිණිස කැලණි රජ මහා විහාර Read More

ජනතාවගෙන් යට ගසා ඇති බෞද්ධ දේශපාලනයේ තොරතුරු බිඳක්

මෙවර වෙසක් පුන් පොහොය මුල්කොට ගත් ධර්ම සන්නිවේදන කටයුතු මුළුමනින්ම මාධ්‍ය වෙත පැවරී තිබේ. ඒ අනුව ගුවන් විදුලි, රූපවාහිනී යන විද්යුත් මාධ්‍ය වලින් සේම පුවත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය වලින් ද අනේක විධ ධර්ම කරුණු මහජනතාව වෙත සන්නිවේදනය වන බවක් පෙනෙන්නට ඇත. එහෙත්, මේවායින් බොහොමයක් පශ්චාත් බුද්ධකාලීන හෝ වෛදික, බ්‍රාහ්මණ, හින්දු, ජෛන ආදී ආගම් තුළින් සේම Read More

“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති

චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි. ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන් Read More

වසංගත රෝග ඇති නිවෙස් ඉදිරියට ආ දේව දූතයා

දැන් අපි කොවිඩ් වසංගතයේ අවදානම්ම කාල පරිච්චේදයකට පැමිණ සිටිමු. අතීතයේ වෛරස මඟින් පැතිර යන පැපොල, කම්මුල්ගාය සහ සරම්ප ආදී වසංගත රෝග ‘දෙවියන් ගේ ලෙඩ’ යනුවෙන් හඳුන්වන ලදී. ඊට හේතුව ඒවා දෙවිවරුන් ගේ කෝපය මත සමාජයට පැමිණ ව්‍යාප්ත වන රෝග නිසා මෙන්ම දෙවියන් උදෙසා කරනු ලබන කන්නලව්, යාදිනි සහ පුද පිළිවෙත් මඟින් පමණක් ඒවා සුවපත් වන Read More

ඇමතිට දීලා නිළියකුත් පාවිච්චි කරනවා කියන රාවණාගේ බොරු කොවිඩ් බේත් වලට රැවටෙන්න එපා!

මිනිසුන් බිහිසුණු අන්තරායන්ට පත් කරන රටක නරකම කාල පරිච්ඡේද පවා තමන්ගේ වාසියට යොදා ගන්නා මිනිසුන් ලෝකයේ හැම ජන සමාජයකම වගේ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ගුප්ත විශ්වාස පිළිබඳ වැඩි නැඹුරුවක් පළ කරන සමාජ වල මිනිසුන් තුළ ඇති වන බිය සැක වලට මිථ්‍යා ආරෝපණ ලබා දෙමින් ඒ අයගේ ඉහ මොළ සූරා කන පිරිස්  ගැන තොරතුරු ලැබෙනවා.දැන් Read More

මිනී මරන ලේ වගුරන දෙහි කැපීම්

‘දෙහි කැපීම’යන්න ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරුපුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ සාම්ප්‍රදායික දෙහි කැපීම මුල් කර ගත් අලුත් විලාසිතාවක්, නව පන්නයක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක කළමණාකාර සහකාර වරියක ලෙස සේවයේ නියුතු දෙදරු මවක වන දීපිකා සමන්ති මහත්මියයි. “අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට Read More

කේන්ද්‍ර බැලීමත් ජ්‍යොතිෂයට පටහැනි බව කී මහාචාර්ය වරයා

රටක නරකම කාලය අනාවැකි කරුවන්ගේ හොඳමකාලය යැයි කියුමක් තිබේ.එහෙත්, වර්තමානයේ අප මුහුණ දී ඇති ගෝලීය වසංගතය මත ඒ කියුම ද බොරුවක් වී තිබේ.ඊට හේතුව පසුගිය කාලයේ ජන මාධ්‍ය මඟින් පට්ටපල් බොරු අල්ලේ පැල කර කී ජ්‍යෝතීර්වේදීන් මේ වන විට බුරුතු පිටින් අතුරුදන් ව සිටීම ය. නමුදු මේ සියළු උවදුරු නිමවූ පසු “මම මේ සේරම දැනගෙන Read More

t

o

p