තරඟාවලිය ජය ගැනීමේ අරමුණෙන් ලංකාව අද තරඟබිමේ

April 6, 2017

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරග 2 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (6දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රාත්‍රී තරගයක් වන මෙම තරගය ප.ව. 7.00ට ආරම්භ වෙයි.

තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේවන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

බංගලිදේශය පළමු තරගයේදී දැක්වූ දුර්වලතා මගහරවා ගෙන සටනක් දීමට සූදානම් බව බංගලිදේශ නායක මෂ්රෆී මොර්ටාසා පවසයි.

මෙය මොර්ටාසාගේ අවසන් 20-20 තරගය වන අතර, අද ඔහු 20-20 පිටියෙන් සමුගනියි.

පළමු තරගයේදී ක්‍රීඩා නොකළ මෙහෙදි හසන් අද ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, පළමු තරගයේදී දැක්වූ පන්දු රැකීමේ දුර්වලතා අද මගහරවා ගතයුතු බව මොර්ටාසා පවසයි.

t

o

p