අතුරුදහන් තරුණයා පිඹුරාගේ කුස තුළින් හමුවෙයි

March 31, 2017

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර පිඹුරෙකුගේ කුස තුළ තිබී හමුවූ බව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.

ඉන්දුනීසියාවේ සුලවෙසි නැමැති ප්‍රදේශයේ විසූ ගොවියෙකු වූ අක්බාර් නැමැති 25 හැවිරිදි තරුණයා පසුගිය ඉරිදා (26)  අතුරුදන් වී තිබේ.

ගම්වාසින් හා පොලීසිය එක්ව ඔහුව සොයා බැලීමේ දී ගොදරක් ගිල දමා යා ගත නොහැකි දැවැන්ත පිඹුරෙකු හමුවී තිබේ.

පසුව පිඹුරා මරා කුස විවෘර්ත කර බැලීමේදී කොට කලිසමක් හා ෂර්ට් එකක් ඇද සිටි තරණයා හමුවී තිබේ.

සාමාන්‍යයෙන් මෙම පිඹුරු විශේෂය මීටර් 10ක් (අඩි 32) පමණ විශාල වන අතර තරණයා ගිල දැමූ පිඹුරා මීටර් 7ක් පමණ වී ඇත.

t

o

p