ඩෙබි ඕස්ට්‍රේලියාවට කඩා වදියි

March 29, 2017

ඕස්ට්‍රේලියාවට කඩාවැදුණු ප්‍රබල ඩෙබි සුළි සුළඟින් මහ වැසි සමග විශාල දේපළ හානියක් සිදුව ඇති අතර නිවාස දහස් ගණනක විදුලිය ඇනහිට තිබේ. කුවින්ස්ලන්ඩ්හි බොවෙන් හා එයාලී මුහුදු තීර අතරින් රට තුළට ඇදී ආ සුළි සුළඟ පැයකට සැතපුම් එකසිය හැටතුනක වේගයෙන් හමාවිත් තිබේ. රට තුළට පැමිණි පසු සුළඟේ වේගය අඩු වී ඇති අතර ඉදිරි පැය ගණනක් තුළද ඉන් දේපළ හානි සිදුවනු ඇතැයි විශ්වාස කෙරෙයි.එක් අයකුට පමණක් මෙහිදී බරපතළ තුවාල සිදු වී තිබේ.
ආපදා සැලැස්මක් තමා සූදානම් කොට ඇති බව එරට අගමැති මැල්කම් ටර්න්බුල් පාර්ලිමේන්තුවට දන්වා ඇත. තව දින කිහිපයක් යනතුරු ඩෙබි කළ හානිය ගණන් බැලිය නොහැකි බව පැවැසෙයි.

බි.බි.සී.

t

o

p