ජිනිවා මානව හිමිකම් සමුළුව අද ඇරඹෙයි

February 27, 2017

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වයන් විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය අද (27) දින මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතය.

මෙවර සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 3ක් වෙන්කර තිබේ.

පළමු දිනය වන මාර්තු දෙවනිදා සාකච්ඡා කෙරෙන්නේ මෙරට සිදුවූ  පුද්ගල පහරදීම් පිළිබඳවයි.

දෙවන දිනය වන මාර්තු 15 වෙනිදා මෙරට වෙසෙන සුළු ජාතීන්ගේ ගැටලූ පිළිබඳ සාකච්ඡාවට ලක්කෙරෙන අතර තුන්වන දිනය වන්නේ මාර්තු 22 වෙනිදායි. එදිනට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ කරුණු විමසීමට නියමිතයි.

මාර්තු මස 24 දා දක්වා පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව, සුඩානය, ලිබියාව, සිරියාව ඇතුළු එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්ථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ජගත් මානව හිමිකම් කාර්යාලය සඳහන් කරයි.

t

o

p