මහානායක හිමිවරු ඇපේට තබාගෙන මහා සංඝරත්නයත් රටත් රැවටූ අයවැයක්

November 18, 2016

පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන් විසින් පසුගිය 15වනදා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී උන්වහන්සේලා සඳහන් කර සිටියේ මෙම අයවැය මහානායක හිමිවරු ඇපේට තබාගෙන මහා සංඝරත්නයත් රටත් රැවටූ අයවැයක් බවය.

මෙවර අයවැයෙන් පිරිවෙන් ශිෂ්‍යධාර ලෙස එක් ශිෂ්‍යයෙකුට මසකට රුපියල් 2500ක් වෙන් කර ඇති බව පැවසුවද සැබෑ ලෙසම එවන් මුදලක් වෙන් කර නැති බවත් එය ප්‍රෝඩාවක් බවත් එම මාධ්‍ය හමුව ඇමතූ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.

එසේ ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 50ක් පමණක් බවත් වසරක් තුළ එම ශිෂ්‍යධාර ලබා දීමට රුපියල් මිලියන 89ක් අවශ්‍ය බවත් අයවැයෙන් වෙන් කර ඇති මුදලින් රුපියල් මිලියන 39ක්ම හිග බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

“මහානායක හිමිවරුන් සමග කළ සාකච්ඡාවට වැඩි මනක් වශයෙන්…” යැයි වැකි සඳහන් කරමින් මහානායක හිමිවරු, රටේ සමස්ත මහා සංඝරත්නය සහ රටවැසියා රැවටීමකට ලක් කර ඇති බවත් ජාතික භික්ෂු පෙරමුණ තවදුරටත් පෙන්වා දෙති.

පිරිවෙන්වල පොදු පහසුකම් ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය සදහා යැයි කියමින් තවත් මිලියන 150ක් වෙන් කර ඇති බවත් සඳහන් කරන ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කර සිටියේ අයවැයෙන් යෝජනා වූ සෑම දීමනාවක්ම කප්පාදුවකින් තොර ලබා දියයුතු බවත් මහා නායක හිමිවරු සමග සිදු කළ සාකච්ඡාවේදී එකඟවූ කරුණු යැයි කියමින් ආණ්ඩුව සිදු කරණ ප්‍රෝඩාව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කරන බවත්ය.

t

o

p