දිල්රුක්ෂි ගැන ජනපති තින්දුව අගමැති පැමිණි පසුවයි

October 19, 2016

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්විමේ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා දිවයිනට පැමිණි පසු ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්න ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ අද (19) දිනයේ ද සේවයට වාර්තා කර සිටිනා බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය ඊයේ (18) දිනයේ ද කොමිසමට පැමිණ රාජකාරී කටයුතුවල යෙදුණු බව ද සඳහන්වේ.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවයි.

t

o

p