ලෝකයේ විශාල තෙල් අර්බුද, ආර්ථික අර්බුද තිබුණත් අපේ ජනතාවට සහන ලබා දෙනවා

October 10, 2018

ඇමරිකාව විසින් ඉරානයට විරුද්ධව ලබන නොවැම්බරයේදී සම්බාධක පැනවූවහොත් තෙල් මිල තවත් ඉහළ යන බවට මත පළවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මුළු ලෝකයේම මේ වන විට තෙල් අර්බුදයක් ඇති බවත් ඒබැවින් ලෝක තෙල් වෙළෙද පොලේ විශාල වෙනස්කම් සිදුව ඇති බවත් අගමැතිවරයා කීවේය.
ලෝක තෙල් අර්බුදය හමුවේ තෙල් බැරලයක මිල ඩොලර් 90 දක්වා ඉහල යා හැකි බවට අනාවැකි පලකර ඇති බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න ඇසීමේ වාරයේදී විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා තෙල් මිල සුත‍්‍රය සම්බන්ධයෙන් යොමුකළ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීවේය.
ලෝක තෙල්මිල අඩුවෙන්නත් පුළුවන් වැඩිවෙන්නත් පුළුවන්. ඒනිසා තමයි තෙල් සඳහා මේ ක‍්‍රමවේදයන් හදුන්වලා දෙන්න තීරණය කලේ. මැයි මාසයේදී මේ සඳහා තීරණය ගත්තා. මේ සඳහා ජුනි මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. තෙල් මිල ක‍්‍රමවේදය නිත්‍යනුකූලවයි සිදුකරන්නේ.
අද ලෝක තෙල් වෙළෙද පොලේ විශාල වෙනසක් සිදුවෙලා තිබෙනවා. තෙල් බැරලයක් ඩොලර් 80 වඩා වැඩිවෙයි කියලා හිතනවා. ඉරානයට විරුද්ධව ඇමරිකාව නොවැම්බරයේදී සම්බාධක දැම්මාම තෙල් මිල තවත් ඉහල යයි කියලා කතාවක් තියෙනවා
ශීත කාලය නිසා නොවැම්බර් සිට අපේ‍්‍රල් මාසය වෙනකන් තෙල් භාවිතාව වැඩිවෙනවා. මේනිසා තෙල් බැරලයක් ඩොලර් 90 ට ඉහල යයි කියලා ඇතැම් අය අනාවැකි කියලා තියෙනවා. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.
තෙල් සුත‍්‍රය නෙවෙයි මොන සුත‍්‍රය දැම්මත් ලෝකයේ විශාල අර්බුදයක් තිබෙනවා. ඒවාට විසදුමක් කවුරුන් හෝ ලබාදිය යුතුයි. ලොකයේ තෙල් ගැන අර්බුදයක් තිබෙනවා. එහෙම උනත් ආර්ථිකය හසුරුවන්නත්, ජනතාවට සහන ලබාදෙන්නත් අපි දැනගත යුතුයි. අපි ඒක කරනවා.

t

o

p