තරග පාවාදීමේ චෝදනාවක් ගැන ICC පරීක්ෂණ

October 4, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ “ඉතා භයානක” වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී ජගත් පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.

අදාළ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමර්ශකයන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට එරෙහිව එල්ල වී තිබෙන “බරපතල දූෂණ චෝදනා” සම්බන්ධ පරීක්ෂණයක් සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවට ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall) විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

t

o

p