මහනුවර සංවර්ධනයට ජපානය සම්බන්ධ කර ගැනීම ආණ්ඩුවේ දූරදර්ශී තීන්දුවක්

October 3, 2018

යහපාලන ජාතික රජයේ කලින් ගත් තීන්දුවකට අනුව මහනුවර සංවර්ධනය සඳහා ජපානය සම්බන්ධ කර ගැනීමේ දූරදර්ශී තීන්දුවේ ප්‍රතිඵල මේ වන විටත් දැක ගත හැකි බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
ජපානයේ ආධාර යටතේ බෝගම්බර පැරණි සිරගෙදර භුමිය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමට නියමිත අතර මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වාම සංවර්ධනය කෙරේ.
මහනුවර නගර සංවර්ධන කටයුතු සඳහා කල්තියාම ජපානය සම්බන්ධ කර ගැනීම නිසා ඉදිරියේදි ශ්‍රී ලංකාව තුළට විශාල ආයෝජන පැමිණෙනු ඇතැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

t

o

p