නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පත පාර්ලිමේන්තුවට – සභානායක

September 7, 2018

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
බුද්ධාගමට හිමි තැන ඒ ආකාරයටම ආරක්ෂා කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කොට තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා දින දෙක තුනක විවාදයක් ලබා දෙන බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව කීවේය.

t

o

p