උද්ඝෝෂණයේදි සාමකාමි වටපිටාවක් නිර්මාණය කළාට අගමැතිට පැසසුම්

September 7, 2018

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝධනයේදි විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ ස්තූතියක් පළ කළේය.
එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු ඉහත විශේෂ ස්තුතිය පළ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවිමෙන් අනතුරුවය.
කොළඹට ජනතාව කැදවා ප්‍රකෝපකාරි සිදුවිම් ඇති කොට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ල කර ගැනීමට උත්සාහයක් තිබුණැයි එහිදි සඳහන් කළ පසුපෙළ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියමාකාරයෙන් හැසිරවිමට අගමැතිවරයා දුන් උපදෙස් අතිශයින් වැදගත් වුනැයි ද කියා සිටියේය.
පරිනත දේශපාලඥයෙකුගේ ලක්ෂණ යළිත් පෙන්නුම් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය තමන්ට ද ආදර්ශයක් යැයි ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදි කීවේය.
විශේෂයෙන්ම ජනාධිපති නිල නිවස හා කාර්යාල ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබු වැඩපිළිවෙල ද පසුපෙළ මන්ත්‍රීවරුන් අගය කළහ.

t

o

p