නවීන්ගෙන් පාක්ෂිකයන් 40000 කට විශේෂ පණිවුඩයක්

August 24, 2018

naveen

චතුරංග වීරතුංග
මුළු දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු 150 ක් පවත්වා එක්සත් ජාතික පාක්ෂිකයන් දැනුම්වත් කිරිමට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කටයුතු යොදා ඇත.
ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මේ වැඩමුළු මාලාවට කොට්ඨාශයකින් පාක්ෂිකයන් දහ දෙනා බැගින් තෝරා ගෙන කොට්ඨාශ 3792 ක් මගින් 40000 ක් සහභාගී කරවා ගැනීමට අපේකෂිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් කරනු ලබන මේ වැඩපිලිවෙල හරහා යහපාලන ජාතික රජය සම්පූර්ණ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති ගැන දැනුම්වත් කිරිමට අපේක්ෂිතය.

 

t

o

p