මහා බැංකුවේ චන්ද්‍රිකාගේ ආර්ථික ඔස්තාර්ලා ටික රටේ ආර්ථිකේ තියන ටිකත් නැති කරනවා – මන්ත්‍රී රවී

June 28, 2018

ප්‍රශ්නය : අපේ රටේ ආර්ථික ඔස්තාර්ලා කියලා ගොඩක් පිරිසක් ඉන්නවා. නමුත් රටේ ආර්ථිකය ගොඩ නගන්න අපේ රටේ කෙනෙක් නැහැ. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද ?

පිළිතුර : අපේ රටේ ඔක්කොම ඔස්තාර්ලා ඉන්නේ මහ බැංකුවේ. නමුත් තියෙන ටිකත් විනාශ කරන එක විතරයි වෙන්නේ.

ප්‍රශ්නය : ඔබතුමා කියන්නේ තවමත් ඒ සෙවනැලි මහ බැංකුව ඇතුලේ තියෙනවා කියලා නම්, ඒ ගැන රජය මේ දක්වා කිසිම පියවරක් අරන් නැති බවද ඔබ තුමා කියන්නේ ?

පිළිතුර : ඔව්, නමුත් මම හිතනවා වැඩිකල් යන්න ඉස්සර පියවර ගනීවි කියලා. නමුත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඉස්සර පියවර ගැනීම අවශ්‍යයි. “වැස්ස වහින වෙලාව⁣ට තියෙන කුඩෙත් ගන්න මහ බැංකුවක් තමයි අපිට තියෙන්නේ”
වර්ෂ 2000දී අවුරුද්දේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ හිටපු ආර්ථික ඔස්තාර්ලා විසින් තමා අදත් මේ ආර්ථිකය දුවවන්න හදන්නේ. ඒ නිසා අපට දකින්න ලැබෙනවා එදා සෘණ අතට ආර්ථිකය හසුරවපු දෙතුන් දෙනෙක් මේ අවස්ථාවේදීත් ඒ ආකාරයටම කටයුතු කරගෙන යන බව.

ප්‍රශ්නය : විද්වත් වෘත්තික සමිතිය කියලා පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක කැඳවලා කියලා තියෙනවා මලික් සමරවික්‍රම අමාත්‍යවරයා රටට ඔබින්නේ නැති ආර්ථික ප්‍රතිපත්තියක් තමයි මේ ගේන්න උත්සහ කරන්නේ කියලා. ඔහුට චෝදනා කරනවා අමාත්‍යවරයා දෙපැත්තක ඉන්න කෙනෙක්, රටවල් දෙකක සම්භවයක් තියෙන පුද්ගලයෙක් කියලා.
ඔබතුමාගේ අදහස කුමක්ද ?

පිළිතුර : මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අපේ පක්ෂයේ ඉන්න කෙනෙක් නිසා ඒ ගැන මම කතා කරන්න අවශ්‍ය නෑ. නමුත් අපේ සමහර අය දේශපාලනය විනාශ කලා වගේ රටේ ආර්ථිකය විනාශ කරන්න ඉඩ දෙන්න හොඳ නෑ.

ප්‍රශ්නය : අමාත්‍ය තුමනි, ඔබතුමන් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි කාලයේ අග්‍රාමාත්‍යවරයාගේ ලඟින්ම හිටපු පුද්ගලයෙක්. නමුත් ඔබතුමන්ලාම මහන්සි වෙලා ගෙනාපු මේ රජය ඔබතුමාව පැත්තට කරලා වගේ ක්‍රියා කරන ආකාරයක් තමා අපට පේන්නේ ?

පිළිතුර : සමහර වෙලාවට පැත්තට වෙලා ඉන්න එක වඩා හොඳයි. මොකද වැඩ බැරි ටාසන්ලාගේ දක්ෂතාවයන් පේන්නේ ඊට පස්සේදීයි. මේ අවස්ථාවේ අපි අගමැතිතුමාව රැකගෙන ඉන්නවා. නමුත් එතුමන්ගේ ලඟ ඉන්න දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ කරන එක තමයි අ⁣පි මේ නවත්වන්න උත්සාහ කරන්නේ. ඒ වගේම දෙතුන් දෙනෙක් මේ පක්ෂය හදපු, මේ ආණ්ඩුව ගෙනාපු අයට හුඟක් හිරිහැර කරමින් යනවා.මේකට උත්තරයක් ලබා ගන්න අවශ්‍යයි. නැත්තම් අපි ඒ සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍යයි.

සටහන : ප්‍රසාද් නානායක්කාර

උපුටා ගැනීම : www.lankagossipweb.com

t

o

p