මාධ්‍යවේදී එක්නැළිගොඩගේ බිරිඳට මරණ තර්ජන එල්ල කරන්නේ කවුද ?

June 28, 2018

සමාජ ජාල වෙබ් ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශව තමන්ටත් දරුවන්ටත් මරණීය තර්ජන එල්ල කරන බැවින් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස රාජපක්ෂ සමයේ අතුරුදහන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන  සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම ඉල්ලීම ඉදිරිපත් කර සිටි අතර එහිදී ඇය නම් සඳහන් කරමින් උලපනේ සුමංගල හිමියන් ඇතුළු කණ්ඩායම දිගින් දිගටම තමන්ට හා දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරමින් සිටින බව ද සඳහන් කර සිටියාය.

එක්නැළිගොඩ මහත්මිය සඳහන් කළේ. එම බලපෑම් සියල්ල මෙහෙයවන්නා ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කරමින් සිටින බවද ඇය අවධාරණය කළේය.

එමෙන්ම ඇමරිකානු තානාපතිවරයා සම්බන්ධ කරමින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් තිබෙන බවද එක්නැළිගොඩ මහත්මිය පැවසූ අතර  එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද රටට හානිකර බවද සඳහන් කර ඇත.

ඒ අනුව සංඝ රත්නය විසින් සිදුකරන මෙම නින්දිත ක්‍රියාකලාපය නතර කර තමන්ගේ හා දරුවන්ගේ ගෞරවය හා ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඇය වැඩිදුරටත් සඳහන් කළාය

t

o

p