දේශයට කීර්තියක් ගෙන එමින් රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවැනි පුටුවට

May 30, 2018

සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් විශ්වීය සෞඛ්‍ය ඉලක්ක ජය ගැනීමට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමීව පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (28) මේ බව ප්‍රකාශ කළේය. මෙම විධායක මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට නිතරගයෙන් තෝරා පත්කර ගන්නා ලදී.

ඉන් පසු විධායක මණ්ඩල රැස්වීම ඇමතූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට තෝරා පත්කර ගැනීම තුළින් පිළිගැනිමක් සහ මා හට ගෞරවයක් ලැබී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළාපීය අධ්‍යක්ෂවරිය දක්වන විශිෂ්ට නායකත්වය සහ දැක්මට මම ස්තූතිය පුද කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශිෂ්ටතම සේවාව සැපයීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. 71 වන වාර්ෂික සැසි වාරයේදී රටවල් 192 ක් නියෝජනය කරමින් පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව ආශ්‍රිත අත්දැකීම් මා විසින් ඉදිරිපත් කර තිබෙනවා. අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගන්න පුළුවන්. සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් ඉලක්ක ජයගැනීමේ හැකියාව තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීම සඳහා එක්ව ක්‍රියා කරමු යැයි මම සියලු රටවලට ආරාධනා කරනවා.”

rajitha_senarathne_1

rajitha_senarathne_2

t

o

p