අපරාධ මර්ධනය හා පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

June 21, 2017

වෙඩි තැබිම් හා මිනිමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීමට හා පාලනය කිරිමට අපාරාධ මර්ධන කොට්ඨාශයෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (20) ප්‍රකාශ කළේය.
මෙරට තුළ සිදුවු අපරාධ ගතහොත් 2014 ට සාපේක්ෂව 2016 වර්ෂයේදි අපරාධ අඩුවීමක් පෙන්නුම් කරන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
2016 වර්ෂයේදි වෙඩි තැබිම් 107 ක් වාර්තා වන අතර මිනිමැරුම් 502 ක් වාර්තාව ඇති නමුත් 2014 වර්ෂයේදි වෙඩි තැබිම් 112 ක් හා මිනිමැරුම් 548 ක් වාර්තා වී ඇති බවද කීවේය.
මේ අනුව අපරාධ සංඛයාත්මකව අඩු වී ඇති අයුරු සම්බන්ධයෙන් ඒ ඒ වර්ෂවල දත්ත ඉදිරිපත් කරමින් ඇමතිවරයා සඳහන් කළේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අපරාධ මර්ධන කොට්ඨාශය මගින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි. ඔවුන් අපරාධ මර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ සඳහන් කළ නොහැකි බවද කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

t

o

p