රටඉඳි සඳහා බද්දක් පනවා නැහැ

May 8, 2017

රට ඉඳි සඳහා නව බදු පනවා ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා පදනම් විරහිත බව මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට රට ඉඳි සඳහා අය කෙරෙනුයේ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් හැටක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පමණක් බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. වසර 2015 වන විට ආනයනික රටඉඳි කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ප්‍රමාණයට රුපියල් 130 ක් පමණ වන බවද පැවැසේ.
වසර 2015 නොවැම්බර් මස 20 වන දින සිදු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙලීමට සමගාමීව රටඉඳි මත පනවා තිබූ සියලු බදු අහෝසි කෙරුණු අතර ඒ වෙනුවට රටඉඳි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබුවේ යැයිද පැවැසේ.
විශේෂ ආගමික අවස්ථාවන් සඳහා විදේශීය රාජ්‍ය මගින් පරිත්‍යාග කරනු ලබන රටඉඳි සඳහා ගෙවිය යුතු බදු මුදල් රජය මගින් ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අදාළ විෂය භාර අමාත්‍යංශය වෙත වෙන් කරදී ඇතැයිද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

t

o

p