Special News

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ඇරඹෙයි

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමින් බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ Read More

මෙරට රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 177,600ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 175,700ක් ලෙසය. මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද Read More

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂි අවස්ථාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. මෙම සමුළුව තුළින් විදෙස් ආයෝජන රැසක් මෙරටට ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් Read More

ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලිය නැංවීම කෙරෙහි ජන­ප­තිගේ අව­ධා­නය

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­තාට උප­දෙස් දී තිබේ. මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු ඉල්ලීම සහ උප­දෙස් සලකා බල­මින් ඉතා ඉක්ම­නින්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලී අනු­පාත ඉහළ දැමීම සඳහා ක්‍රම­වේ­ද­යක් ඇතු­ළත් Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා රැසක් අනාවරණය වෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණය විය. මේ අනුව මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් සකස් කොට කෝප් කමිටුවට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කිරීම මෙහිදී සිදු විය. මෙම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාරදෙන බව කෝප් කමිටුව මෙහිදී වැඩිදුරටත් Read More

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 77වන වියේ පසු විය. ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හොබවා තිබේ. ඒ මහතා දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල කටයුතු කරනලදි. ඒ.ඩී. රංජිත් කුමාර මහතා කොළඹ කේරි විදුහලේ සහ Read More

කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක්

සතුන් සර්පයන් සිටින හුඹස් කීපයකින් වට වූ කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක් දිඹුලාගල මනම්පිටිය බටහිර මාගන්තොට ගම්මානයෙන් අපට මුණ ගැසිනි. රජයේ අස්වැසුම සහනාධාරයෙන් පමණක් ජීවත්වන මෙම පවුල දිවිගෙවෙන කුඩා පැල්පත කුඩා කාමර දෙකකින් සමන්විත අතර බිම් මට්ටමේ සිට පොල් අතු වහලටත් ඉහළින් හුඹස් බැඳී තිබේ. එම හුඹස් කඩා ඉවත් කළද දින කිහිපයකින් Read More

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක)චරිත් අසලංක (උපනායක)කුසල් මෙන්ඩිස්පැතුම් නිස්සංකසදීර සමරවික්‍රමඇන්ජලෝ මැතිව්ස්කමිදු මෙන්ඩිස්දසුන් ශාකකධනංජය ද සිල්වාමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේදුෂ්මන්ත චමීරනුවන් තුෂාරමතීෂ පතිරණඩිල්ෂාන් මදුශංක කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ, අසිත ප්‍රනාන්දුවිජයකාන්ත් වියස්කාන්ත්භානුක රාජපක්ෂජනිත් ලියනගේ

අපද්‍රව්‍ය තුළින් ආදායම් උපයා ගන්න අලුත් වැඩක්

කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්‍යාපාර සඳහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන සඳහා තෝරාගත් ව්‍යවසායකයන් 30 දෙනෙකු සමග ගිවිසුම් ගත වීම  කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතාව Read More

එවරස්ට් තරණයට ගිය විශ්වවිද්‍යාල සිසු කණ්ඩායම අද මෙරටට

එවරස්ට් කදු තරණයට එක් වෙමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් ලගා වූ ඉහළම උන්නතාංශය වන මීටර් 6189 ක උසක් සාර්ථකව තරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේශකයින් කණ්ඩායම අද (10) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව ඔවුන් ප.ව.4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතයි.

t

o

p