Features

කුම්භකර්ණ කියන්නේ දේව කුමන්ත්‍රණයකට හසු වූ රණ විරුවෙක්!

අප රටේ ව්‍යාප්තව පවතින ඉන්දු ආර්යවාදයට අනුව රාවණා රජු නපුරු, දුෂ්ඨ, පාපී රාක්ෂයකු වුව ද මෑතක සිට රට පුරා පැතිර යන ‘හෙළ’ මතවාදය තුළින් රාවණා රජුට අප ජාතියේ අසමසම පරමාදර්ශී තත්ත්වයක් සේම දේවත්වයක් ද හිමි කර දී තිබේ රාවණා රජු දේවත්වයට පත් වන ලද්දේ මෑතක වුව ද රාම-රාවණා යුද්ධයේ දී රාම රජුගේ පක්ෂය ගෙන ක්‍රියා Read More

ඒ ළමයා කෝච්චියට පනිනවා මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් බ්‍රේක් ගහලා බලද්දි හිටියෙ නෑ’’ – දුම්රිය රියැදුරෙකු කියන පුදුම කතාවක්

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් වෘත්තියෙන් දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්තයේ නිෂ්පාදනය කරනු ලදුව 1981 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ එම් 7 කාණ්ඩයට Read More

බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!

ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින් Read More

සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව

ඓතිහාසික සහ මානව විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව සම්බා බත මුලින්ම මෙරට භාවිතයට ගෙන ඇත්තේ කෝට්ටේ යුගයේ රාජකීයයන්ගේ ආහාරයක් ලෙසිනි. එදා මෙදාතුර ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින් Read More

නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?

සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ. ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය. ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා Read More

චීනයෙන් ලංකා කුමරියන් මතු වීම බිහිසුණු දේශපාලන ඛේදවාචකයක් ?

2021 මැයි 26 වන දින චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” නම් තැනැත්තියක සහභාගී වූ බව එහි නිල ෆේස් බුක් අඩවියේ සඳහන් ව ඇත. ෂු ෂී යින් නමැත්තියක වන ඇය වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන හෙවත් “පැටිකිරිය” ඔහුට විස්තර කළ Read More

ගිරිබාවේ මාතෘ සායනයට ආ බෝදිලිමා යක්ෂයා

අප කවුරුත් දන්නා අන්දමට බෝදිලිමා යනු කටුසු විශේෂයකට අයත් සතෙකි. එහෙත්, එනමින් යුතු අමනුෂ්‍ය විශේෂයක් පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාසයක් ද අප සමාජයේ තිබේ. දරුවෙකු බිහි කිරීමට ආසන්න මොහොතේ දරුවා කුසේ සිටියදීම , විළිරුදාවෙන් මියයන මව්වරුන් මරණයෙන් පසුව බෝදිලිමුන් නම් අමනුෂ්‍යයන් ලෙස උපදින බව පැරණි ගැමියෝ කියති. ඉන්පසු ඔවුන් රාත්‍රී කාලවලදී පුරුෂ පක්ෂයට පමණක් ඇසෙන සේ Read More

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක් Read More

අටමස්ථාන අවට සැරිසැරූ හැපින්නක් කතා කරයි

සිංහල බෞද්ධ ජන සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය හා සම්බන්ධ සතුන් අතුරින් අලි ඇතුන් සහ නාගයෝ ප්‍රධාන වෙති.ඉන්දියානු හින්දු සමාජයේ වානරයන්  සමබන්ධයෙන් ද  යම් ආධ්‍යාත්මික ස්වරූපයක් ඉස්මතු වුව ද අප රටේ එවැනි තත්වයක් දක්නට නොලැබේ.නමුත් පසුගිය කාලයේ කැලණි නදිය දෙබෑ කරගෙන පැමිණි අද්භූත ස්වරූපයේ නාගයකු පිළිබඳ ප්‍රෝඩාකාරී ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කිරීම පිණිස කැලණි රජ මහා විහාර Read More

ජනතාවගෙන් යට ගසා ඇති බෞද්ධ දේශපාලනයේ තොරතුරු බිඳක්

මෙවර වෙසක් පුන් පොහොය මුල්කොට ගත් ධර්ම සන්නිවේදන කටයුතු මුළුමනින්ම මාධ්‍ය වෙත පැවරී තිබේ. ඒ අනුව ගුවන් විදුලි, රූපවාහිනී යන විද්යුත් මාධ්‍ය වලින් සේම පුවත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය වලින් ද අනේක විධ ධර්ම කරුණු මහජනතාව වෙත සන්නිවේදනය වන බවක් පෙනෙන්නට ඇත. එහෙත්, මේවායින් බොහොමයක් පශ්චාත් බුද්ධකාලීන හෝ වෛදික, බ්‍රාහ්මණ, හින්දු, ජෛන ආදී ආගම් තුළින් සේම Read More

t

o

p