“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්රී ලංකාවේ සභාපතිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්ව ඇත.
ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය 1997 වසරේදී ස්ථාපනය වූ අතර මෙම වසරේ සමරනු ලැබුවේ එහි 27 වැනි සංවත්සරයයි.
ශ්රී ලංකාව සාගර සංරක්ෂණය සහ එහි තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින ප්රමුඛතම රටක් බවට පත්ව ඇති මේ මොහොතේ “IORA” දින 2024 සැමරුම ශ්රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂීත්වයක්.