ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.