තවත් රටවල් හයක සිට පැමිණෙන ගුවන් මගීන්ට තහනමක්

June 29, 2021

කොවිඩ් අවදානම හේතුවෙන් එළඹෙන ජූලි 01 වනදා සිට එම මස 13 වනදා දක්වා රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා එම තහනම පනවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාලසීමාව තුළ  ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම් ද දැනුම්වත් කර තිබේ.

ඊට අමතරව ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා ද මෙරටට පැමිණීමේ  තහනමක් පැනවීමට ඊයේ (28) පියවර ගනු ලැබීය.

t

o

p