කොළඹ වරාය නගර පනතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රජයේ දරුණු පරාජයක් – රනිල් වික්‍රමසිංහ

May 19, 2021

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරන්නකියි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇතැයි ද ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.


රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්  සමඟ පැවැති  සාකච්ඡාවකදීය.


එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගත යුතු පියවර දැනුම් දීමට මෙම සාකච්ඡාව සංවිධාන කර තිබිණි.


ශ්‍රී ලංකාව මුල් කරගනිමින් කලාපයේ මූල්‍ය  මධ්‍යස්ථානයක් ඇති වනවාට කැමැති වුවද රාජපක්ෂ පාලනය යටතේ ඉන්දියානු ව්‍යාපාරිකයන් වරාය නගරයට නොඑන හෙයින් ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක් වනු ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසිහතරෙන් හෝ සුමාන දෙකෙන් කිසිදු අයකුට වරාය නගරයේ ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථාව  නොලැබෙනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

t

o

p