එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා ජුනි සිට ක්‍රියාත්මකයි

May 19, 2021

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ  ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.


කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කරමින්  පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අරඹන ලෙස ද  රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල වැඩිදුරටත් සඳහන්ය.


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ ප්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේය.


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප  ප්‍රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක විය.

t

o

p