රනිල් අද රට පාලනය කලා නම් ජනගහනයෙන් අඩකට වඩා කොරෝනා එන්නත දීලා – වජිර අබේවර්ධන

May 19, 2021

ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් සියලු රටවල් සමඟ තිබෙන සම්බන්ධතා ප්‍රයෝජනයට ගෙන මේ වන විට ජනගහනයෙන් අඩකටවත් කොරෝනා එන්නත ලබාදීමට පියවර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයටම කොරෝනා  එන්නත ලබාදීමට වැය වන්නේ ඇමරිකා ඩොලර් මිලියන දෙසීයක්  පමණක් බවද පෙන්වාදුන් වජිර අබෙිවර්ධන මහතා මුළු ලොව පුරාම රටවල් සමග සමීප සබඳතා ගොඩ නගාගෙන තිබෙන පරිණත රාජතාන්ත්‍රිකයෙක් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මුදල සොයා ගන්නට කිසිදු අපහසුතාවයක්  නැතැයිද කීය.


මීට අමතරව ශ්‍රී ලංකාවේ දැනට සිරවී  තිබෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් ණය පැරිස් ක්ලබ් සංවිධානය හරහා කපා ගැනීමේ හැකියාව ද රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇතැයි ද  වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.


පෞද්ගලික මට්ටමෙන් රජය ගෙන තිබෙන ණය ලන්ඩන් ක්ලබ් සංවිධානය හරහා සහන පිළිවෙලකට පරිවර්තනය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට සමීප සබඳතා ඇතැයිද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය

t

o

p